Android දුරකථනයක් Root කිරීම යනු කෙටියෙන්ම හැඳින්වුවොත් දුරකථනයේ මෙහෙයුම් පද්දතිය මගින් දුරකථනය භාවිත කරන්නාට ලබා නොදෙන බලතල භාවිත කළහැකි අාකාරයට සකස්කර ගැනීමයි.
Root කිරීමේ වාසි හා අවාසි දෙකම පවතියි. මෙම වාසි කිහිපයක් නම්;
- Internal memory හි අැතුල් විය නොහැකි කොටස්වලට අැතුල්වීමට අවසර ලැබීම.
- delete වූ data නැවත සම්පූර්ණයෙන් recover කිරීමේ හැකියාව ලැබීම.(Root නොකර සම්පූර්ණ recovery එකක් කළ නොහැක)
- move කළ නොහැකි apps , sd card එකට move කළහැකි වීම.
- අනවශ්‍ය pre stocked apps / system apps , uninstall කිරීමට අවසර ලැබීම.
- install කිරීමට අවසර නොමැති apps install කිරීමට අවසර ලැබීම.
- අවශ්‍ය පරිදි screenshots ගැනීමට අවසර ලැබීම.
- දුරකථනය වේගවත් කිරීමට හැකියාව ලැබීම.(Overclock කිරීමෙන්)
- Ad block කිරීමට හැකිවීම.
- auto start වන app , stop කිරීම.
සහ තවත් මෙවැනි වාසි රාශියක් මෙමගින් ඔබට ලැබේ. (බොහෝ විට මෙම වාසි භාවිත කිරීමට ඒවාට අදාල apps install කරගත යුතුය)
Root කිරීමේ වාසි මෙන්ම අවාසි ද දැක්වුවොත්;
- නිවැරදිව Root නොවූ විට දුරකථනයේ දෝශ අැතිවීම.
- දුරකථනයේ වගකීම (warranty) නොලැබීම.
වැනි අවාසි කිහිපයක් අැත.
Root කිරීමට අාකාර කිහිපයක් පවතින නමුත් මෙහි දී සඳහන් කරන්නේ ඔබට පහසුවෙන් කරගතහැකි අාකාරයකි. එනම් one click root app එකක් මගින් හෝ pc එකට සම්බන්ධ කර software එකක් මගින්. විවිධ app පැවතුන ද අප මෙහිදී භාවිත කරන්නේ Kingroot නම් app / software එකයි.මෙම app එකට දුරකථන මාදිල් 100000 කට අධික ප්‍රමාණයක් root කිරීමේ හැකියාව අැත. එසේම මෙම app එක නොමිලේ ලබාගතහැක. මෙම app එක මගින් ඉහත සඳහන් බලතල කිහිපයක් භාවිත කිරීමට ද පහසුකම් ලබා දී තිබේ. එමෙන්ම මෙම app එක මගින් root එක ඉවත් කිරීමට ද හැකියාව අැත. පහත link එක මගින් app එක ලබාගන්න. එය install කර root කිරීමේ පහසු ක්‍රියාවලිය එම link එකෙහිම රූප රාමු ද සමග පැහැදිලි කර අැත.
*warranty claim කිරීමේ දී root එක ඉවත් කරගැනීමෙන් ගැටළු රහිත වියහැක.(නිශ්චිතව කිව නොහැක)
අවදානම පිළිබඳ දැනුවත් බැවින් ඔබේ වගකීම යටෙතේ කැමතිනම් උත්සහ කර බලන්න. විශාල බියක් අැතිකරගතයුතු නැත.
Root කිරීමෙන් පසු ඔබට වැදගත් වියහැකි app කිහිපයක් ;
මෙම නොමිලේ ලබාගැනීමට click කරන්න.



No comments:
Post a Comment