පැරණි රසවත් ගුණවත් අාහාරයක් වන වෙල්ල වැහුම් ඔබත් සකසා රස බලන්න.
අවශ්‍ය දෑ :-
- කැකුළු හාල් සේරුවක පිටි
- යීස්ට් හෝ අාප්ප සෝඩා
- ලුණු ස්වල්පයක්
- පොල් ගෙඩි දෙකක පොල්
- පොල් පැණි කෝප්ප 1 (මේ වෙනුවට සීනි උණුකරද ගතහැක)
- ගම්මිරිස් අැට 3-4ක්
- මාදුරු ස්වල්පයක් (කුඩුකර)
- ලුණු ස්වල්පයක්
සාදා ගන්නා අාකාරය :-
පිටි සිහින්ව හලාගත යුතුය. ඉන්පසු පිටි භාජනයකට (කට කුඩා මුට්ටියක්) දමා ඊට පොල් බෑයක කිරි සහ යීස්ට් ස්වල්පයක් යොදා හොදින් අනා අත්ගසා පිටි ගුලියක් සාදාගන්න. ඉන්පසු භාජනයේ කට රෙදිකඩකින් ගැටගසා පියනකින් ද වසා පැය 6-8 පමණ පිපෙන්නට තබන්න. පිටි පිපුනු පසු ඊට නැවත පොල් බෑයක පමණ කිරි යොදා අවශ්‍ය පමණ ලුණු යොදා දියකරගන්න.
දෙවන වර කිරි යෙදීමට පෙර පැණි පොල් සාදාගැනීමට පැණි කෝප්පය තාච්චියකට දමා ලිප තබා පැණි උණු වී නටන ඊට ඉතිරි පොල් ගෙඩියක පොල් ටික හා බදින ලද ගම්මිරිස් අැට හා මාදුරු කුඩු ද දමා ඉටි පදමට පැමිණෙන තෙක් හැදි ගා ලිපෙන් බාගන්න.
ඉන්පසු අාප්ප සෑදීමට සුදුසු තාච්චියක තෙල් තවරා ලිප තබා රත්වූ පසු තාච්චියට පිටි මිශ්රණයෙන් හැන්දක් දමා අාප්ප උයන සේ කරකවා ළිප තබා පියනකින් වසන්න. අාප්පය කර වන්නට පෙර පියන විවෘත්ත කර පැණි පොල් ටිකක් මැදට තබා අාප්පය හැන්දෙන් දෙකට නවා නැවත පියනෙන් වසා ස්වල්ප කාලයක් තබා බාගන්න.
*පිටි සකසන මුට්ටිය තෙත් වීම සුදුසුයි.
*ලුණු අවසානයේ යොදන්න.. පෙර යෙදූ විට පිපීම අඩු වේ.
*තාච්චියේ තෙල් තැවරීමට කුඩා රෙදි කැබැල්ලක් හා පොල් තෙල් පීරිසියක් භාවිතය පහසු වේ.

No comments:
Post a Comment